Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 104:32 - Sinhala Revised Old Version

32 උන්වහන්සේ පොළොව දෙස බලන කල එය කම්පාවේ; උන්වහන්සේ කඳු ස්පර්ශකරන කල එයින් දුම් නගියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ; කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 එතුමාණන් පොළොව දෙස බලන කල එය කම්පා වේ; කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් නඟියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 104:32
16 හුවමාරු යොමු  

ස්වාමිනි, ඔබගේ අහස නමාගෙන බැස්ස මැනව. කඳු ස්පර්ශකළ මැනව, එවිට එයින් දුම් නගින්නේය.


ස්වාමීන්වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උදුනක ධූමයමෙන් නැගුණේය, මුළු කන්ද බොහෝසෙයින් කම්පාවිය.


කඳු ඔබ දැක භයවූය; ජලධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා, සිය අත් ඉහළ එසවිය.


එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ


තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.


ඒ ගැන දේශය නොවෙවුලන්නේද? එහි වසන සියල්ලෝම නොවැලපෙන්නෝද? එසේය, ඒක ගංගාව මෙන් මුළුමනින්ම ගලා, කැලඹී, මිසරයේ ගංගාව මෙන් බැසයනවා ඇත.


මට නුඹලා භයවන්නේ නැද්ද? මා ඉදිරියෙහි වෙවුලන්නේ නැද්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම වනාහි සදාකාල නියෝගයක් කොට මුහුදේ මායිම් පිණිස වැලි තැබුවාවූ තැනන්වහන්සේය, ඒකද එය පසුකර නොඑන්නේය. එහි රැළ ගසන නුමුත් එය ඉක්මවා යන්ට පුළුවන්වෙන්නේ නැත; ඒවා ඝෝෂාකරන නුමුත් එය පසුකර යන්ට නොහැකිය.


දෙවියන්වහන්ස, ජලධාරාවෝ ඔබ දුටුවෝය; ජලධාරාවෝ ඔබ දැක භයවූවෝය. ගැඹුරු තැන්ද සෙලවුණෝය.


අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.


දෙවෙනි වරක්ද ඔව්හු: හලෙලූයා කියති. ඇගේ දුම සදාකාලේටම නගින්නේය.


ඔබගේ මාර්ගය මුහුදේ විය, ඔබගේ මාවත් මහත් ජලධාරාවන්හි විය, ඔබගේ පා සලකුණු ප්‍රකාශ නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්