Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 103:5 - Sinhala Revised Old Version

5 රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 103:5
12 හුවමාරු යොමු  

නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.


මක්නිසාද උන්වහන්සේ පිපාසිතයා තෘප්තියට පමුණුවා, ක්ෂුධා ඇත්තා යහපතින් පිනවනසේක.


මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ටත්,


එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.


මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,


ඔබ උන්ට දෙන දේ උන් එකතුකර ගනිති; ඔබගේ අත විදහන කල යහපතින් තෘප්තියට පැමිණෙති.


මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළ කරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි.


ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය. ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව.


එතැන් පටන් ඇගේ මිදිවතුද පැතීමේ දොරක් පිණිස ආකොර් මිටියාවතද ඈට දෙන්නෙමි. එහි ඇගේ යෞවන දවස්වලදී මෙන්ද ඈ මිසර දේශයේ සිට ආ කාලයේදී මෙන්ද ඈ උත්තරදෙනවා ඇත.


මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ.


එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්