Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 102:28 - Sinhala Revised Old Version

28 ඔබගේ මෙහෙකරුවන්ගේ දරුවෝ පවතින්නෝය, ඔවුන්ගේ වංශයද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය. ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔබේ මෙහෙකරුවන්ගේ දරුවෝ සුරැකි ව සිටින්නෝ ය. ඔවුන්ගේ පරපුර ද ඔබ ඉදිරියෙහි පිහිටුවනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 102:28
14 හුවමාරු යොමු  

මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.


එහෙත් උන්වහන්සේ පොඩිකරන්ට ස්වාමීන්වහන්සේ කැමතිව දුකට පත්කළසේක. ඔබ උන්වහන්සේගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට උන්වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩිකරනසේක, ස්වාමීන්වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය.


මාගේ තෝරාගත් තැනැත්තා සමඟ ගිවිසුමක් කෙළෙමි, මාගේ මෙහෙකරුවූ දාවිත්ට දිවුරුම් දුනිමි.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද? නොහොත් ඔබගේ අවුරුදු මනුෂ්‍යයාගේ අවුරුදු වාගේද?


පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.


එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?


මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්