Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගලාති 3:24 - Sinhala Revised Old Version

24 මෙසේ අපි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළඟට පමුණුවන අපේ ගුරුවරයෙක් වී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරණකොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස, අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 මෙසේ ඇදහිල්ල මඟින් අප නිර්දෝෂ කරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ වෙත අපට මගපෙන්වන භාරකරුවා වූයේ දහම් නීතියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මෙසේ ව්‍යවස්ථාව වනාහි අප ඇදහිල්ල කරණකොටගෙන දමිටු බවට පත් කරනු ලබන පිණිස, අප ක්‍රිස්තුන් වහන්සේ ළඟට පමුණුවන අපේ අනුශාසකයෙකු වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:24
16 හුවමාරු යොමු  

මක්නිසාද අදහන සියලු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස ක්‍රිස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වනසේක.


එසේවී නම් කුමක් කියමුද? ධර්මිෂ්ඨකම අනුව නොගියාවූ අන්‍යජාතීහු ධර්මිෂ්ඨකමට එනම් ඇදහිල්ලෙන්වූ ධර්මිෂ්ඨකමට පැමිණියෝය,


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම නුඹලා ජනිතකෙළෙමි.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨකරනු නොලබන බව දැන, ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගතිමුව. මක්නිසාද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කවර මනුෂ්‍යයෙක්වත් ධර්මිෂ්ඨකරනු නොලබයි.


ඇරත් මම දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිස ව්‍යවස්ථාව කරණකොටගෙන ව්‍යවස්ථාවට මැරුණෙමි.


නුමුත් දැන් ඇදහිල්ල පැමිණ තිබෙන බැවින්, අපි තවත් ගුරුවරයෙකු යටතේ නොවමුව.


ඒවා පැමිණෙන්ට තිබෙන දේවල ඡායාවක්ය; නුමුත් සිරුර ක්‍රිස්තුස්වහන්සේගේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්