Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 3:2 - Sinhala Revised Old Version

2 නුඹලාගෙන් මේක පමණක් දැනගන්ට කැමැත්තෙමි: එනම්, නුඹලා ආත්මයාණන්වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙනද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද? නුඹලා මෙපමණ අඥානද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන ද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 මෙය පමණක් ඔබෙන් අසමි; ඔබ ආත්මයාණන්වහන්සේ ලද්දේ දහම් නීතියේ ක්‍රියාවලින් ද? නැතිනම් ඇසූ දෑ අදහා ගැනීමෙන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබෙන් මෙය පමණක් දැනගනු කැමැත්තෙමි. ඔබ ආත්මයාණන් වහන්සේ ලැබුවේ ව්‍යවස්ථාවේ ක්‍රියා කරණකොටගෙන ද? නැතහොත් සුබ අස්නේ පණිවුඩය පිළිගැනීමෙන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:2
19 හුවමාරු යොමු  

මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය.


සිත් දන්නාවූ දෙවියන්වහන්සේ අපට මෙන්ම ඔවුන්ටත් ශුද්ධාත්මය දී, ඔවුන් ගැන සාක්ෂිදුන්සේක;


ඉදින් නුඹලාට ආත්මයාණන්වහන්සේ දෙන්නාවූ, නුඹලා අතරෙහි ආශ්චර්යයන් කරන්නාවූ තැනන්වහන්සේ එසේ කරන්නේ ව්‍යවස්ථාවේ ක්‍රියාවලින්ද? නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?


දෙවියන්වහන්සෙත් ලකුණුවලින්ද පුදුමවලින්ද අනේකාකාර ආශ්චර්යවලින්ද ස්වකීය කැමැත්ත ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාවලින්ද ඊට සාක්ෂිදුන්සේක. ‍


ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය.


පේතෘස්: නුඹලා සියල්ලෝම පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබන්න; එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය.


මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,


කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.


ඔවුන් ඒ දේවල් ගැන සේවයකරන්නේ තමුන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරනලද්දේය. ස්වර්ගයෙන් එවනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශකළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වනලද්දේය; ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.


මක්නිසාද එන්නාවූ තැනැත්තේ අප දේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනාකෙරේ නම්, නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන ශුභාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම්, ඔහු ගැන ඉවසීම හොඳය.


මම ව්‍යවස්ථාව නැත්තවුන් දිනාගන්නා පිණිස, ව්‍යවස්ථාව නැත්තන්ට ව්‍යවස්ථාව නැතිකෙනෙකු මෙන් වුණෙමි. එහෙත් දෙවියන්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවක් නැතුව නොව ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ව්‍යවස්ථාවට යටත්ව සිටිමි.


ආත්මයාණන් තුළ පටන්ගත් නුඹලා දැන් මාංසයෙහි සම්පූර්ණව සිටිහුද?


මක්නිසාද ඔවුන්ට මෙන් අපටත් ශුභාරංචිය දේශනාකරනලද්දේය. නුමුත් ඇසූවන් සමඟ ඔවුන් ඇදහිල්ලෙන් එක්සත් නොවූ බැවින් ඇසූ වචනය ඔවුන්ට ප්‍රයෝජනවත් නොවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්