Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:8 - Sinhala Revised Old Version

8 මෝසෙස්ද: ස්වාමීන්වහන්සේ නුඹලා ගැන අණකරන්නේ කුමක්දැයි දැනගන්න තෙක් සිටින්නැයි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ කුමක් අණ කරන සේක් දැ යි මා අසාගෙන එන තෙක් ඔබ මෙහි සිටින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ සම්බන්ධ ව සමිඳාණන් වහන්සේ කුමක් අණ කරන සේක් දැ යි මා අසාගෙන එන තෙක් ඔබ මෙහි සිටින්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:8
19 හුවමාරු යොමු  

දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.


මෝසෙස් ඔවුන්ගේ කාරණය ස්වාමීන්වහන්සේ ඉදිරිපිටට ගෙනායේය.


මක්නිසාද මම නුඹලාට භාරදුන් දේ ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි, එනම් ස්වාමිවූ යේසුස්වහන්සේ පාවාදෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන,


මක්නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි; නුමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි; ඔව්හු ඒවා පිළිගෙන, මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන, ඔබ මා එවූ බව විශ්වාසකළෝය.


යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක් ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශයට නුඹ මුරකාරයෙකු කෙළෙමි. නුඹ මාගේ මුඛයෙන් වචනය අසා, මාගේ නාමයෙන් ඔවුන්ට අවවාදකරන්න.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.


යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.


මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.


මෝසෙස්ද: සෙනඟ දෙවියන්වහන්සේගෙන් විභාගකරන පිණිස මා වෙතට එන නිසාය.


අපි මෘත ශරීරයකින් අපවිත්‍රවී සිටිමුව. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කාලයෙහි ඔප්පු කිරීමෙන් අප වලක්වනු ලබන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


එවිට, ඔහුට කළ යුතු දේ දන්වා නොතිබුණු බැවින් ඔහු හිර අඩස්සි කළෝය.


ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් ඔවුන්ට දන්වන තුරු ඔව්හු ඔහු හිර අඩස්සි කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්