Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:7 - Sinhala Revised Old Version

7 අපි මෘත ශරීරයකින් අපවිත්‍රවී සිටිමුව. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කාලයෙහි ඔප්පු කිරීමෙන් අප වලක්වනු ලබන්නේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔවුන්ට කතා කොට, “මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපි අපවිත්‍ර වීමු. එබැවින් සෙසු ඉශ්රායෙල් ජනයා සමඟ නියමිත දිනයේ සමිඳාණන් වහන්සේට පඬුරු පූජා කිරීම අපට තහනම් කර ඇත්තේ මන් දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔවුන්ට කතා කොට, “මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපි අපවිත්‍ර වීමු. එබැවින් සෙසු ඉශ්රායෙල් ජනයා සමඟ නියමිත දිනයේ සමිඳාණන් වහන්සේට පඬුරු පූජා කිරීම අපට තහනම් කර ඇත්තේ මන් දැ”යි ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:7
7 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසය කරවන්ට තෝරාගන්න ස්ථානයේදී එළු බැටළුවන් හා ගවයන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පූජාකරන්න.


තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ නියම කාලයෙහි පාස්කුව පවත්වත්වා.


ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.


මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට:


මෝසෙස්ද: ස්වාමීන්වහන්සේ නුඹලා ගැන අණකරන්නේ කුමක්දැයි දැනගන්න තෙක් සිටින්නැයි ඔවුන්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්