Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:14 - Sinhala Revised Old Version

14 විදේශියෙක් නුඹලා අතරෙහි පදිංචිව සිට ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන්ට කැමතිනම් ඔහු පාස්කුවේ පනතද ඒකේ නියෝගයද ප්‍රකාර එය පැවැත්විය යුතුය. විදේශියෙක් වේවා ස්වදේශියෙක් වේවා නුඹලාට එකම පනතක් තිබිය යුතුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්‍රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්‍රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:14
14 හුවමාරු යොමු  

ස්වදේශියාට මෙන් විදේශියාටද එක විනිශ්චය ක්‍රමයක් නුඹලාට තිබෙන්ට ඕනෑය. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.


පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද නුඹේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද,


නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද නුඹ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,


ජුබිලි වර්ෂයට පසුව තිබෙන අවුරුදු ගණන හැටියට නුඹේ අසල්වාසියාගෙන් මිලේට ගන්න, අස්වනු ලැබෙන අවුරුදු ගණන හැටියට ඔහු නුඹට විකිණිය යුතුය.


නුඹලාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පිණිස මුන්ගෙන් කිසිවෙකු විදේශියෙකුගේ අතින් ගෙන ඔප්පුනොකරන්න; මක්නිසාද උන්ට අන්සීනයක් වී තිබේ, උන්ට කැලලක් ඇත්තේය. උන් නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේයයි කීසේක.


නුඹේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, නුඹේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


මුළු ඉශ්‍රායෙල් සභාව ඒක පවත්වනවා ඇත.


මුළු සභාවට එනම් නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක පනතක් වන්නේය. එය නුඹලාගේ පරම්පරාවලට සදාකාල පනතක්ය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා යම් ආකාරද විදේශියාත් එයාකාරව සිටීවා.


නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක ව්‍යවස්ථාවක් හා එක නියෝගයක් තිබිය යුතුයයි කීසේක.


එසේ වාල්කමෙන් හැරී ආ ඉශ්‍රායෙල් පුත්‍රයෝත් ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ට දේශයේ ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන්වී ඔවුන්ට එකතුවුණ සියල්ලොත් පාස්කුව වළඳා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්