Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 9:12 - Sinhala Revised Old Version

12 ඔව්හු එයින් කිසිවක් උදය දක්වා ඉතුරු කරන්නේවත් උගේ ඇටයක් බිඳින්නේවත් නැතුව පාස්කුවේ මුළු පනත ලෙස එය පවත්වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එයින් කිසිවක් උදය දක්වා නොතිබිය යුතු ය. පාස්කු බැටළුවාගේ ඇටයක් පවා නොකැඩිය යුතු ය. තවද, පාස්කුව පිළිබඳ සියලු නියෝග අනුව එය පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එයින් කිසිවක් උදය දක්වා නොතිබිය යුතු ය. පාස්කු බැටළුවාගේ ඇටයක් පවා නොකැඩිය යුතු ය. තවද, පාස්කුව පිළිබඳ සියලු නියෝග අනුව එය පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 9:12
7 හුවමාරු යොමු  

මක්නිසාද මේ දේවල් සිද්ධවුණේ: උන්වහන්සේගේ ඇටයක්වත් බිඳිණු නොලැබෙන්නේයයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණවන පිණිසය.


එක ගෙදරකදීම එය කෑ යුතුය; නුඹ එහි මාංසයෙන් කිසිවක් ගෙයින් පිටත නොගෙනා යුතුය; නුඹලා එයින් කිසි ඇටයක්ද නොකැඩිය යුතුය.


උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: පාස්කු නියෝගය මේය. කිසි විදේශියෙක් එයින් නොකෑ යුතුය.


ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක.


ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.


මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේගේ වලාකුළද රාත්‍රියේ ගින්නද මුළු ඉශ්‍රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්