Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 8:22 - Sinhala Revised Old Version

22 ඉන්පසු ලෙවීවරු ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තමුන්ගේ වැඩකරන පිණිස සේවයට ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඉන්පසු ලෙවීවරු, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුස්සෝ වූ හ. මෙසේ සමිඳාණන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අණ කළ ලෙස ඔව්හු ලෙවීවරුන්ට කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 8:22
9 හුවමාරු යොමු  

හෙසකියා දවන පූජා සහ ශාන්ති පූජා ඔප්පුකරන්ටත් ස්වාමීන්වහන්සේගේ කඳවුරේ දොරටුවල සේවය කරන්ටත් ස්තුති ප්‍රශංසා කරන්ටත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් පංක්තිවල ප්‍රකාරයට පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද එකිනෙකාගේ සේවයේ හැටියට ඔවුන්ගේ පංක්ති නියමකෙළේය.


එවිට ලෙවීවරුවූ පූජකයෝ නැගිට සෙනඟට ආශීර්වාදකළෝය. ඔවුන්ගේ හඬ අසනු ලැබ, ඔවුන්ගේ යාච්ඤාව උන්වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයට නැංගේය.


ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න.


ලෙවීවරුද තමුන්ගෙන් දෝෂ පහකරගෙන තමුන්ගේ වස්ත්‍ර සෝදාගත්තෝය; එවිට ආරොන් ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකර ඔවුන් පවිත්‍රකරන පිණිස ඔවුන් උදෙසා සමඟිකමක් කෙළේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය.


එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්