Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 8:12 - Sinhala Revised Old Version

12 ලෙවීවරු තමුන්ගේ අත් ගොනුන්ගේ හිස් පිට තබත්වා. එවිට නුඹ ලෙවීවරුන් උදෙසා සමඟිකමක් කරන පිණිස එකෙක් පාප පූජාවක් කොටද එකෙක් දවන පූජාවක් කොටද ස්වාමීන්වහන්සේට පූජාකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට ලෙවීවරුන් ගොන් වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතු ය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස, නුඹ එක ගොන් වස්සෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට ලෙවීවරුන් ගොන් වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතු ය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස, නුඹ එක ගොන් වස්සෙකු පාප පූජාවක් සඳහා ද, අනිකා දවන යාග පූජාවක් සඳහා ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 8:12
25 හුවමාරු යොමු  

සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිටට ගොනා ගෙනෙන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ගොනාගේ හිස පිට තමන්ගේ අත් තබත්වා.


ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.


එවිට ඔහු පාප පූජාවේ ගොනා ගෙනායේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද පාප පූජාවේ ගොනාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.


ඔහු තමාගේ අත දවන පූජා සතාගේ ඉස පිට තබාවා. එය ඔහු උදෙසා සමඟිකම් කිරීමට ඔහු නිසා පිළිගනු ලබන්නේය.


එවිට ඔව්හු තරුණ ගොනෙක්ද ඊට අයිති ආහාර පූජාවට තෙල් මිශ්‍ර සිහින් පිටිද ගනිත්වා, නුඹ පාප පූජාවක් පිණිස තවත් තරුණ ගොනෙක් ගෙන,


පූජකයාද ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරමින් ඔහුගේ පාප පූජාව සහ දවන පූජාව පූජාකොට,


තමාගේ පූජාව වන දවන පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවෙකුද පාප පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුවැස්සියෙකුද ශාන්ති පූජා පිණිස කැලල් නැති බැටළුවෙකුද,


ආරොන්ද තමාගේ අත් දෙක පණ පිටින් සිටින එළුවාගේ හිස පිට තබා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියා දෙමින් ඒවා එළුවාගේ හිස පිට තබා සූදානම්ව සිටින මනුෂ්‍යයෙකු අත ඌ වනාන්තරයට යැවියයුතුය.


ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකොට, තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරමින්, තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා මරන්නේය.


එවිට ආරොන් තමා උදෙසා වූ පාප පූජාවේ ගොනා ඔප්පුකර තමා උදෙසාද තමාගේ පවුල උදෙසාද සමගිකමක් කරන්නේය.


තවද තමාගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ද නොහොත් පරෙවි පැටවුන් දෙන්නෙක්ද එකෙක් පාප පූජාවක් පිණිසත් අනිකා දවන පූජාවක් පිණිසත් ගනීවා.


මෝසෙස් ආරොන්ට කථාකොට: නුඹ පූජාසනයට ළඟාවී ස්වාමීන්වහන්සේ අණකළ ලෙස නුඹේ පාප පූජාවද නුඹේ දවන පූජාවද පූජාකොට නුඹ උදෙසාත් සෙනඟ උදෙසාත් සමගිකමක් කරන්න. සෙනඟගේ පූජාව පූජාකොට ඔවුන් උදෙසා සමගිකමක් කරන්නැයි කීවේය.


නුඹලා වෙනුවට සමගිකමක් කරන පිණිස, අද දවසේදී කළාක්මෙන් කරන්ට ස්වාමීන්වහන්සේ අණකර තිබේ.


ඔහු දවන පූජාවේ බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබූහ.


එළු පැටවෙකු හෝ බැටළු පැටවෙකු හෝ ගෙනෙන්ට ඔහුට වත්කම නැත්නම් ඔහු තමා කළ පාපය ගැන කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ස්වාමීන්වහන්සේ වෙතට ගෙනෙන්ට ඕනෑය; එකෙක් පාප පූජාවක් පිණිසය, අනිකා දවන පූජාවක් පිණිසය.


ශාන්ති පූජාවල බැටළුපැටවාගෙන් තෙල් ගත්තාක් මෙන් පූජකයා උගේ තෙල සියල්ල වෙන්කොට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි පූජාසනය පිට දැවිය යුතුය. මෙසේ පූජකයා ඔහු කළාවූ පාපය උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය.


ඔහු ගොනාට මෙලෙස කළ යුතුය; පාප පූජාවේ ගොනාට කළාක් මෙන් මේ ගොනාටත් කළයුතුය. මෙසේ පූජකයා ඔවුන් උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔව්හු ක්ෂමාකරනු ලබන්නෝය.


ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය.


සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය.


නුඹ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න.


ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්