Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 5:4 - Sinhala Revised Old Version

4 ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කොට ඔවුන් කඳවුරෙන් පිටතට ඇරියෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙසම ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:4
5 හුවමාරු යොමු  

උස්සියා රජ තෙමේ තමාගේ මරණයේ දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව සිටියේය, කුෂ්ඨරෝගියෙක් ලෙස වෙන්වූ නිසා ඔහු ගිලන් ගෙයක වාසයකෙළේය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වීම ඔහුට තහනම්ව තිබුණේය. ඔහුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය.


එසේ ගෑනු පිරිමි දෙගොල්ල යවන්න; මා ඔවුන්ගේ කඳවුරු මැද වාසයකරන බැවින් ඔවුන් ඒවා අපවිත්‍ර නොකරන පිණිස ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්