Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:31 - Sinhala Revised Old Version

31 එවිට ඒ මනුෂ්‍යයා අයුතුකමෙන් නිදහස් වන්නේය, ඒ ස්ත්‍රීද ඇගේ අයුතුකම දරන්නීයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට සැමියා වරදින් නිදහස් වනු ඇත, එහෙත්, ස්ත්‍රිය දඬුවම් ලැබිය යුතු ය.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට සැමියා වරදින් නිදහස් වනු ඇත, එහෙත්, ස්ත්‍රිය දඬුවම් ලැබිය යුතු ය.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:31
8 හුවමාරු යොමු  

අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.


බලව, සියලුම ප්‍රාණ මට අයිතිය; පියාගේ ප්‍රාණය මෙන් පුත්‍රයාගේ ප්‍රාණයත් මට අයිතිය. පව්කරන ප්‍රාණයම නසින්නේය.


උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළිය මෙන්ද ඔබගේ යුක්තිය මද්දහන මෙන්ද නික්මවනසේක.


නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.


මනුෂ්‍යයෙක් කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ට යෙදුණු කල හෝ, ඈ ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවන්නේය, පූජකයාද මේ මුළු ව්‍යවස්ථාව ඈ කෙරෙහි ඉෂ්ටකරන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්