Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 5:26 - Sinhala Revised Old Version

26 ආහාර පූජාවේ සිහිවීමේ කොටසක් කොට එයින් අහුරක් ගෙන පූජාසනය පිට දවාවා, පසුව ඔහු ඒ වතුර ස්ත්‍රියට බොන්ට සලස්වාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔහු සිහිකිරීමේ පඬුරින් අහුරක් ගෙන, පූජාසනය මත එය දවා, ඉන්පසු ස්ත්‍රියට වතුර බීමට සැලසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔහු සිහිකිරීමේ පඬුරින් අහුරක් ගෙන, පූජාසනය මත එය දවා, ඉන්පසු ස්ත්‍රියට වතුර බීමට සැලසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:26
5 හුවමාරු යොමු  

ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයන් වෙතට එය ගෙනවුත්; එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. පූජකයා ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය.


තවද පූජකයා ආහාර පූජාවෙන් සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට දැවිය යුතුය. එය ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ පූජාවක්ය.


ඔහු ඒවා පූජකයා වෙතට ගෙනා යුතුය, පූජකයාද එයින් අහුරක් වන එහි සිහිවීමේ කොටස ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජා මතුයෙහි දැවිය යුතුය. එය පාප පූජාවක්ය.


ඔහු ආහාර පූජාවේ සිහින් පිටියෙන්ද ඒකේ තෙලින්ද අහුරක් සහ ආහාර පූජාව පිට තිබෙන තුවරලා සියල්ලත් රැගෙන ඒ සිහිවීමේ කොටස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජාසනය පිට දැවිය යුතුය.


පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්