Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:21 - Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේ නුඹේ කළවය ක්ෂයවීයන්ටත් නුඹේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන් ස්වාමීන්වහන්සේ නුඹේ සෙනඟ අතරෙහි නුඹ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳාණන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමට ද බඩ ඉදිමීමට ද සලස්වා ඔබට, ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සමිඳාණන් වහන්සේ ඔබේ රහස් අවයව බෙලහීන වීමට ද බඩ ඉදිමීමට ද සලස්වා ඔබට, ඔබේ සෙනඟ අතර පිළිකුලක් හා සාපයක් කරන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:21
9 හුවමාරු යොමු  

තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,


ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත.


ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.


බබිලෝනියේ දාසව සිටින සියලුම යූදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ නුඹ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප-වචනයක් ව්‍යවහාරකරනවා ඇත.


එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය.


නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.


ධර්මිෂ්ඨයා සිහිකිරීම වාසනාවන්තය; එහෙත් දුෂ්ටයන්ගේ නම දිරායන්නේය.


නුඹේ බඩවැල් දවසින් දවස රෝගාතුරකමෙන් වැටීයන ලෙස නුඹේ බඩවැල්වල දරුණු රෝග වන්නේයයි නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි එහි ලියා තිබුණේය.


එවිට ඈ කිලුටුව සිටීනම්, ඇගේ පුරුෂයාට විරුද්ධව වැරුද්දක් කර තිබේනම්, ඔහු ඒ වතුර ඈට බොන්ට සැලැස්සුවායින් පසු ශාපය උපදවන ඒ වතුර තික්තවන පිණිස ඈ තුළට පැමිණ ඇගේ බඩ ඉදිමෙන්ටත් ඇගේ කළවය ක්ෂයවීයන්ටත් යෙදී ඒ ස්ත්‍රී ඇගේ සෙනඟ අතරෙහි ශාපයක් වන්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්