Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:2 - Sinhala Revised Old Version

2 සියලු කුෂ්ඨරෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:2
15 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය;


රෝගය ඔහුට තිබෙන මුළු කාලයෙහි ඔහු අපවිත්‍රව සිටින්නේය; අපවිත්‍ර බැවින් ඔහු තනියම වාසයකළ යුතුය; ඔහුගේ වාසස්ථානය කඳවුරෙන් පිටත වන්නේය.


ස්වාමීන්වහන්සේද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක.


නුඹලාද සත් දවසක් කඳවුරෙන් පිට සිටින්න. යමෙකු මැරූ සියල්ලෝද මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශවූ සියල්ලෝද නුඹලා නුමුත් නුඹලා විසින් අල්වාගනු ලැබුවෝ නුමුත් තුන්වෙනි දවසේදීත් සත්වෙනි දවසේදීත් දෝෂ පහකරගන්න.


කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද?


එවිට පූජකතැන බලා කබොල්ල හමෙහි පැතිර තිබෙන බව පෙනේනම් ඔහු අපවිත්‍රයයි කිය යුතුය. ඒක කුෂ්ඨ රෝගයය.


පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය.


ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.


කුෂ්ඨරෝගය ඇති අය තමාගේ වස්ත්‍ර ඉරාගන හිසකේ විදහාගන උඩු තොල වසාගන: අපවිත්‍රය අපවිත්‍රය කියා මොරගැසිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්