Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:13 - Sinhala Revised Old Version

13 පුරුෂයෙක් ඈ සමඟ සයනය කරන්නේ නම්, එය ඇගේ පුරුෂයාගෙන් සැඟවී රහස්ව තිබේ නම්, ඈ අපවිත්‍රව සිටින නමුත් ඈට විරුද්ධ සාක්ෂියක් නැත්තේවී නම්, ඈ වරද කරද්දී අසුනොවීනම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අන් මිනිසෙකු සමඟ, සැමියා නොදැනුවත්ව ම, රහසින් සයනය කොට, ඈ මෙසේ දූෂණය වූ නමුත් ඈට විරුද්ධ ව සාක්ෂිකරුවෙකු නැතුව ද වරද කරද්දී අසු නොවී ද සිටින්නට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අන් මිනිසෙකු සමඟ, සැමියා නොදැනුවත්ව ම, රහසින් සයනය කොට, ඈ මෙසේ දූෂණය වූ නමුත් ඈට විරුද්ධ ව සාක්ෂිකරුවෙකු නැතුව ද වරද කරද්දී අසු නොවී ද සිටින්නට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:13
6 හුවමාරු යොමු  

නුඹේ අසල්වාසියාගේ භාර්යාව සමඟ නුඹ කිලුටු වන පිණිස ඈ සමඟ සංවාසය නොකළයුතුය.


අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.


මිථ්‍යාචාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය; ඈ කාලා කට පිහදමා: මම දුෂ්ටකමක් නොකෙළෙමියි කියන්නීය.


ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේයයි කීවාය.


නුඹලාගේ කඩුව කෙරෙහි පිහිටා සිටින්නාවූ, පිළිකුල්කම්කරන්නාවූ, තම තමාගේ අසල්වාසියාගේ භාර්යාව අපවිත්‍රකරන්නාවූ නුඹලාට දේශය භුක්තිවිඳින්ට ලැබේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්