Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:49 - Sinhala Revised Old Version

49 ස්වාමීන්වහන්සේගේ අණ ලෙස ඔවුන් සියල්ලෝ එකිනෙකාගේ මෙහෙයත් ගෙන යන බරත් ලෙස මෝසෙස් විසින් ගණන්කරනු ලැබුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔව්හු ගණන්කරන ලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:49
18 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ එසේ කළෝය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඔව්හු කළෝය.


සම්මුඛවීමේ කූඩාරමෙහි ඔවුන්ගේ මුළු මෙහෙයේ හැටියට ඔවුන්ට ගෙනයන්ට තිබෙන දේවල භාරය මේය: මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනුද ඒවායේ අඩිද,


මෙහෙකිරීමෙනුත් බර ගෙනයාමෙනුත් ගේර්ෂොන්වරුන්ගේ පවුල්වලට කරන්ට තිබෙන සේවය මෙසේය–


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


කඳවුර පිටත්වන කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානය සහ ශුද්ධස්ථානයේ සියලු බඩුද වසා නිමකළ පසු, කොහාත්ගේ පුත්‍රයෝ ඒක ගෙනයන පිණිස එත්වා. එහෙත් ඔව්හු නොනස්නා පිණිස ශුද්ධස්ථානයට අතනොගසත්වා. සම්මුඛවීමේ කූඩාරමෙහි කොහාත්ගේ පුත්‍රයන්ට ගෙනයන්ට තිබෙන්නේ මේවාය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා දුන් අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කළාවූ, මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරන ලද්දෝ මොව්හුය.


ස්වාමීන්වහන්සේගේ අණ ලෙස මෝසෙස් සහ ආරොන් විසින් ගණන්කරනු ලැබුවාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ පවුල්වලින් ගණන්කරනලද සියල්ලෝ මොව්හුය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස කොහාත්වරුන්ගේ පවුල්වලින් සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකළාවූ, මෝසෙස් හා ආරොන් විසින් ගණන්කරන ලද්දාවූ සියල්ලෝ මොව්හුය.


ඒ මුදනු ලැබූවන්ගේ මුදල ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුන්නේය.


එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.


එහෙත් ලෙවීවරු තමුන්ගේ පිය ගෝත්‍රයේ හැටියට ඔවුන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්