Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:35 - Sinhala Revised Old Version

35 කොහාත්වරුන්ගේ සියලුම පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙසේ ලියාපදිංචි කරන ලද්දෝ අවුරුදු තිහේ සිට පණහ දක්වා වයසැති, හමුදාවේ සේවයට බැඳිය යුතු ඇත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:35
15 හුවමාරු යොමු  

ඔව්හු තමුන්ගේ පිය පෙළපත්වල හැටියට, පිය පෙළපත්වල ප්‍රධානියෝ වන විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට එක්කෙනෙක් එක්කෙනෙක් පාසා නම් වශයෙන් ගණන්කරනලද්දාවූ, ස්වාමීන්වහන්සේගේ ගෘහ සේවයේ වැඩේ කළාවූ ලෙවීගේ පුත්‍රයෝය.


තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.


ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය.


යේසුස්වහන්සේ උගන්වන්ට පටන්ගත් කල අවුරුදු තිහක් පමණ වයස්ව සිටිසේක; උන්වහන්සේ යෝසෙප්ගේ පුත්‍රයායයි මනුෂ්‍යයෝ සිතුවෝය. යෝසෙප් හේලීගේ පුත්‍රයාය,


පූජකයන්ගේද ලෙවීවරුන්ගේද පංක්තිවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු බඩුවලත් ආදෘශයද තමාගේ පුත්‍රවූ සාලමොන්ට දුන්නේය.


ලෙවීවරුන්ගෙන් ගණන්ගන්නාලද්දේ තිස් අවුරුද්ද පටන් ඉන් ඉහළට වයස් ඇති අයය. එසේ එක්කෙනෙක් එක්කෙනෙක් පාසා ගණන්ගන්නාලද පුරුෂයන්ගේ ගණන තිස්අට දහසක් විය.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් අධිපතීන්ද විසින් ගණන්කළාවූ සියලුම ලෙවීවරු වන,


සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස ඇතුල් වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.


සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ සියල්ලෝ තමුන්ගේ පවුල් ප්‍රකාරයට තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබුවෝය.


තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වන්නාවූ සියල්ලන් ගණන්කරන්න.


තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇති, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩ කරන පිණිස සේවයට ඇතුල්වන කොහාත්ගේ සියලුම පුත්‍රයන්ගේ ගණන ගන්න.


මෙසේ මෝසෙස් හා ආරොන්ද සභාවේ අධිපතියෝද තිස් අවුරුද්ද පටන් පනස් අවුරුද්ද දක්වා වයස් ඇත්තාවූ, සම්මුඛවීමේ කූඩාරමෙහි වැඩකරන පිණිස සේවයට ඇතුල්වෙන්නාවූ,


තමුන්ගේ පවුල් ප්‍රකාර ඔවුන්ගෙන් ගණන්කරන ලද්දෝ දෙදාස් හත්සිය පනසක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්