Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:28 - Sinhala Revised Old Version

28 සම්මුඛවීමේ කූඩාරම පිළිබඳව ගේර්ෂොන් පුත්‍රයන්ගේ පවුල්වල මෙහෙය මේය; ඔවුන්ගේ භාරය පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:28
6 හුවමාරු යොමු  

පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර්ගේ අත යටතේ සම්මුඛවීමේ කූඩාරම ගැන තිබෙන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වල මුළු වැඩේ හැටියට ඔවුන්ගේ මෙහෙය මේයයි කීසේක.


ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ට ගෙනයන්ටත් කරන්ටත් තිබෙන සියල්ල වන ඔවුන්ගේ මුළු මෙහෙය ආරොන්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ආඥාවේ හැටියට ඔව්හු කරත්වා. ඔවුන්ට ගෙනයන්ට තිබෙන සියල්ලම ඔවුන්ට නියමකරදෙන්න.


මෙරාරීගේ පුත්‍රයන් ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරන්න;


පූජකවූ ආරොන්ගේ පුත්‍ර වන ඊතාමාර් අතින් ලෙවීවරුන්ගේ මෙහෙය පිණිස මෝසෙස්ගේ ආඥාව ලෙස මණ්ඩපය එනම් සාක්ෂියේ මණ්ඩපය සඳහා ගණන්ගත් දේවල ගණන මේය.


ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ඔහු ගැල් දෙකක්ද ගවයන් සතර දෙනෙක්ද දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්