Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:12 - Sinhala Revised Old Version

12 ඔව්හු ශුද්ධස්ථානයෙහි සේවයට ගන්න සියලු භාජන ගෙන නිල් රෙද්දක තබා තහෂ් හම් වැස්මකින් ඒවා වසා මැස්ස පිට තබත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කෙරෙන බඳුන් සියල්ල ගෙන, ඒවා නිල්වන් රෙදි කඩකින් ඔතා, පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා, මේ සියල්ල මැස්ස උඩ තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, ශුද්ධස්ථානයේ සේවාවට භාවිත කෙරෙන බඳුන් සියල්ල ගෙන, ඒවා නිල්වන් රෙදි කඩකින් ඔතා, පදම් කළ සම් ආවරණයක් එය මත අතුරා, මේ සියල්ල මැස්ස උඩ තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:12
16 හුවමාරු යොමු  

ඔවුන්ගෙන් සමහරෙක් බඩුබාහිරාදියද ශුද්ධස්ථානයේ සියලු භාජනද සිහින් පිටිද මුද්‍රික පානයද තෙල්ද තුවරලාද සුවඳ ද්‍රව්‍යද බලාගන්ට පත්කරන ලද්දෝය.


පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.


සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;


සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.


තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.


ඔව්හු නිල් රෙද්දක් ගෙන පහන්රුකද ඒකේ පහන්ද ඒකේ කතුරුද කතුරු තැටිද ඊට ගන්න සියලු තෙල් භාජනද වසා,


පිදීමේ රොටි මේසය පිටත් නිල් රෙද්දක් අතුරා ඒ මතුයෙහි තැටි ද පාත්‍රද කෙණ්ඩිද වත්කරන කුසලාන්ද තබත්වා. නිරන්තර රොටිත් එය පිට තිබේවා.


ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා.


විසිතුරුකළ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද,


මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න.


රතු සායම් පෙවූ බැටළුහම්, තහෂ් හම්, සහ ෂිටිම් ලීද;


ඒක පිට තහෂ් හම් වැස්මක් දමා, ඒ පිට මුළුල්ලම නිල්වන් රෙද්දක් අතුරා ඒකේ පොලු තබත්වා.


රන් පූජාසනය පිට නිල් රෙද්දක් අතුරා තහෂ් හම් වැස්මකින් ඒක වසා ඒකේ පොලු තබත්වා.


ඔව්හු පූජාසනයෙන් අළු පහකොට ඒක පිට රත්නිල් රෙද්දක් අතුරා,


ඔවුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්තෝය; මක්නිසාද ඒවා ඇතුළට ගන්ටත් පිටතට ගන්ටත් යෙදුණේ ගණන්කරලාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්