Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 36:9 - Sinhala Revised Old Version

9 මෙසේ උරුමයක් එක ගෝත්‍රයකින් වෙන ගෝත්‍රයකට මාරු නොවන්නේය; මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රයන් තම තමුන්ගේ උරුමයටම බැඳී සිටිනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 36:9
6 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තම තමුන්ගේ පියවරුන්ගේ උරුමය හිමිවෙන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි ගෝත්‍රයක උරුමයක් ලබන එක එක දුව ඇගේ පිය ගෝත්‍රයේ වංශයක කෙනෙකුගේ භාර්යාව වේවා.


ශෙලෝඵෙහාද්ගේ දූවරු ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙසම කළෝය.


මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමයක් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයන්නේය. මක්නිසාද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ පියවරුන්ගේ ගෝත්‍රයේ උරුමයට බැඳී සිටිත්වා.


පසුව යෝෂුවා මුළු සෙනඟ තම තමුන්ගේ උරුම ප්‍රදේශවලට පිටත්කර හැරියේය.


එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.


මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්