Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 36:12 - Sinhala Revised Old Version

12 ඔව්හු යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ පුත්‍රයන්ගේ වංශවල අය සමඟ විවාහ වූවෝය, ඔවුන්ගේ උරුමයද ඔවුන්ගේ පිය වංශයේ ගෝත්‍රයෙහිම පැවතුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මොවුන් ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පරපුරට අයත් පවුල්වල අය සමඟ විවාහ වූ නිසා, ඔවුන්ගේ උරුම කොටස තම පිය පෙළපත් ගෝත්‍රය තුළ ම පැවතුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 36:12
4 හුවමාරු යොමු  

මෙසේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන්වූ මාලාද තිර්ශාද හොග්ලාද මිල්කාද නෝවාද යන මොව්හු තමුන්ගේ පියාගේ සහෝදරයන්ගේ පුත්‍රයන් සමඟ විවාහ වූහ.


ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.


ස්වාමීන්වහන්සේ ශෙලෝඵෙහාද්ගේ දූවරුන් ගැන අණකර තිබෙන කාරණාව මේය–ඔව්හු තමුන් කැමති තැනැත්තන් සමඟ විවාහ වෙත්වා; එහෙත් ඔවුන් විවාහ විය යුතු තමුන්ගේ පියාගේ ගෝත්‍රයේ වංශයක තැනැත්තන් සමඟ පමණක්ය.


යෝසෙප්ගේ පුත්‍රයෝ යෝෂුවාට කථාකොට: ස්වාමීන්වහන්සේ මේ දක්වා අපට ආශීර්වාදකළ බැවින් අප මහත් සෙනඟක්ව සිටියදී ඔබ එක කොටසක්ද එක පංගුවක්ද පමණක් අපට උරුමයක් කොට දුන්නේ මක්නිසාදැයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්