Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:6 - Sinhala Revised Old Version

6 නුඹලා ලෙවීවරුන්ට දිය යුතුවූ නුවරවල් නම් මිනීමරන්නාට පලායාම පිණිස දෙන්නාවූ ආරක්ෂා නුවරවල් හයය. ඒවා ඇර තව නුවරවල් සතළිස් දෙකක් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ලෙවීවරුන්ට දෙන නගර අතර නගර හයක් අභය භූමි නගර වශයෙන් දිය යුතු ය. කෙනෙකු තව කෙනෙකු අදහස් නොකර මැරුවහොත්, එවිට ඔහුට එම නගරයට පලා යත හැක. ඒවාට අමතර ව තව නගර හතළිස්දෙකක් ද දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ලෙවීවරුන්ට දෙන නගර අතර නගර හයක් අභය භූමි නගර වශයෙන් දිය යුතු ය. කෙනෙකු තව කෙනෙකු අදහස් නොකර මැරුවහොත්, එවිට ඔහුට එම නගරයට පලා යත හැක. ඒවාට අමතර ව තව නගර හතළිස්දෙකක් ද දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:6
18 හුවමාරු යොමු  

ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.


ස්වාමීන්වහන්සේ පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් වනසේක, විපත්ති කාලවලදී උස් කොටුවක් වනසේක;


ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද


රූබෙන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ එහි පිට-බිම්ද යාහශ් සහ එහි පිට-බිම්ද,


නප්තලී ගෝත්‍රයෙන් මිනීමරන අය උදෙසා නියම කළ ආරක්ෂා නුවරක්වූ, ගලීලයෙහි තිබෙන කෙදෙෂ් සහ එහි පිට-බිම්ද හම්මොත්-දෝර් සහ එහි පිට-බිම්ද කර්තාන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් තුනත් දුන්නෝය.


ඔවුන් ලෙවීවරුන්ගේ පවුල්වලට අයිතිවූ ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ මිනී මරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ එහි පිට-බිම්ද බෙ-යෙෂ්තෙරා සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකය.


මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ එහි පිට-බිම්ද ගෙසෙර් සහ එහි පිට-බිම්ද,


මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.


වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.


දවාලේදී ග්‍රීෂ්මයෙන් මුවාවීමට සෙවණක් පිණිසත් රක්ෂාස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් සැඟවෙන ස්ථානයක් පිණිසත් කූඩාරමක් වන්නේය.


නුවර මැදිකර නුවරට පිටතින් නැගෙනඉර දෙසට රියන් දෙදහසක්ද දකුණු දෙසට රියන් දෙදහසක්ද බස්නාඉර දෙසට රියන් දෙදහසක්ද උතුරු දෙසට රියන් දෙදහසක්ද මනින්න. ඔවුන්ගේ නුවරවල පිට-බිම් එයාකාර වේවා.


නුමුත් මනුෂ්‍යයෙක් රැක නොසිටිද්දී ඔහු අතට අසුවෙන්ට දෙවියන්වහන්සේ ඉඩ ඇරියොත් ඔහු විසින් පලායන පිණිස තැනක් නුඹට නියම කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්