Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:29 - Sinhala Revised Old Version

29 මේවා නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාට විනිශ්චයේ පනතක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:29
5 හුවමාරු යොමු  

ඔහුගේ පියාගේ සහෝදරයනුත් නැත්නම් ඔහුගේ වංශයෙන් ඔහුට ළඟ නෑයාට ඔහුගේ උරුමය දෙන්න. ඔහුට ඒක හිමිවිය යුතුය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විනිශ්චය පිළිබඳ පනතක් වන්නේයයි කීසේක.


එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය.


මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.


සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.


එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්