Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:21 - Sinhala Revised Old Version

21 නොහොත් මැරෙන ලෙස සතුරුකමක් නිසා තමාගේ අතින් ඔහුට ගැසුවේ නම්, ඔහුට පහරදුන් තැනැත්තේ සැබවින් මරනු ලැබිය යුතුය; හෙතෙම මිනී මරන්නෙක්ය. ලේවල පළිය ගන්න තැනැත්තේ මිනීමරන්නා සම්බවූ විට ඔහු මරාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සතුරුකමින් ඔහුට අතින් බැට දී හෝ ඔහු මළොත් එවැන්නෙකු මිනීමැරීම ගැන වරදකරුවෙකු වන බැවින් ඔහු මරාදැමිය යුතු ය. මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ම ඥාතියාට මිනීමරුවා සම්මුඛ වූ විට ඔහු මරාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 සතුරුකමින් ඔහුට අතින් බැට දී හෝ ඔහු මළොත් එවැන්නෙකු මිනීමැරීම ගැන වරදකරුවෙකු වන බැවින් ඔහු මරාදැමිය යුතු ය. මරනු ලැබූ තැනැත්තාගේ කිට්ටු ම ඥාතියාට මිනීමරුවා සම්මුඛ වූ විට ඔහු මරාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:21
7 හුවමාරු යොමු  

වෛරයක් නිසා මැරෙන ලෙස ඇන්නේනම්, නොහොත් රැකසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,


එහෙත් සතුරුකමක් නිසා නොව අහම්බෙන් ඔහුට ඇන්නේනම්, නොහොත් රැක නොසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,


එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.


බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුසේක; මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි; පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේයයි කීය.


සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි.


ලේ වල පළිය ගන්න තැනැත්තේම මිනීමරන්නා මරාවා. ඔහු සම්බවූවිට ඔහු මරාවා.


පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්