Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 35:1 - Sinhala Revised Old Version

1 තවද ස්වාමීන්වහන්සේ යොර්දාන් අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද, සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගං තෙර, ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ දී මෝසෙස්ට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද, සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගං තෙර, ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ දී මෝසෙස්ට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 35:1
12 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව ගොස් යෙරිකෝව ළඟ යොර්දානෙන් එතර මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගත්තෝය.


ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස් ලවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකෙරෙවූ ආඥාද විනිශ්චයවල්ද මේවාය.


ස්වාමීන්වහන්සේ යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඔව්හු යොර්දාන් අසබඩ යෙරිකෝව සමීපයෙහි වූ මෝවබ් සමභූමිවල කඳවුරේ සිටි මෝසෙස් සහ පූජකවූ එලෙයාසර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවද වෙතට අල්ලාගත්තවුන් හා මෘගයන්ද කොල්ලයද ගෙනාවෝය.


යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ එලෙයාසර්ද විසින් ගණන්කරනු ලැබූවෝ මොව්හුය.


එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය.


මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද යොර්දාන අසබඩ යෙරිකෝව ළඟ මෝවබ් සමභූමිවලදී ඔවුන්ට කථාකරමින්–


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි උරුමය බෙදාදෙන පිණිස ස්වාමීන්වහන්සේ අණකළේ මොවුන්ටය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කරමින් දේශය බෙදුවෝය.


එවිට ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු පූජකයාවූ එලෙයාසර්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීන්ද වෙතට පැමිණ,


ඉශ්‍රායෙල් පුත්‍රයෝ මේ නුවරවල් සහ ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්