Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 34:5 - Sinhala Revised Old Version

5 අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 34:5
8 හුවමාරු යොමු  

අශ්මොන්ට පැමිණ, මිසරයේ ඔය දක්වාත් ගියේය; ඒ සීමාව මුහුද ළඟ කෙළවරවිය. මෙය නුඹලාගේ දකුණු සීමාව වන්නේය.


ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවේ සැඩපාරේ පටන් මිසරයේ ඔය දක්වා ඔහුගේ ඵල නෙළාගන්නාසේක. එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා එක් එක්කෙනෙක් පාසා රැස්කරනු ලබන්නහුය.


මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ.


අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.


දකුණු දිශාවේ පැත්ත නම් තාමාර් පටන් මෙරීබොත්-කාදෙෂ්හි ජලයත් මිසර ඔයත් මහ මුහුදත් දක්වා තිබේ. දකුණු දිශාවේ දකුණු පැත්ත ඒකය.


ඔහු මාළිගා වැනිවූ තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාරවූ කන්දටත් අතරෙහි පිහිටුවා, පසුව තමාගේ අන්තිමයට පැමිණෙන්නේය, කිසිවෙක්ද ඔහුට උපකාර නොකරන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්