Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 34:2 - Sinhala Revised Old Version

2 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා කානාන් දේශයට පැමිණි කල්හි නුඹලාට උරුමයක් කොට වැටෙන දේශය නම් ඒකේ සීමාවල ප්‍රකාරයට කානාන් දේශයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “ඉශ්රායෙල් ජනයාට අණ දෙමින් මෙය කියන්න: ‘නුඹලාට උරුමයක් වශයෙන් හිමි වන කානාන් දේශයට නුඹලා පැමිණි කල්හි, එහි දේශ සීමාවෝ පහත දක්වන ඒවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ඉශ්රායෙල් ජනයාට අණ දෙමින් මෙය කියන්න: ‘නුඹලාට උරුමයක් වශයෙන් හිමි වන කානාන් දේශයට නුඹලා පැමිණි කල්හි, එහි දේශ සීමාවෝ පහත දක්වන ඒවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 34:2
23 හුවමාරු යොමු  

නුඹ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය නුඹට සහ නුඹෙන් පසුව නුඹේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.


නුඹලාගේ උරුම කොටස වූ කානාන් දේශය නුඹට දෙන්නෙමියි කියා,


උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළවූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක්ද කියාත්,


අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් නුඹලා උන්වහන්සේ තුළ මුද්‍රාකරනු ලැබුවහුය.


ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමියි කීසේක.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


නුඹලාගෙන් එක්කෙනෙකුට මෙන් තවත් කෙනෙකුට ඒක උරුමවන්නේය; මක්නිසාද නුඹලාගේ පියවරුන්ට ඒක දෙන හැටියට මාගේ අත එසෙවුවෙමි. එසේ මේ දේශය උරුමයක් පිණිස නුඹලාට ලැබෙන්නේය.


නුමුත් මම කථාකොට: නුඹ දරුවන් අතරේ ගණන්ගෙන ප්‍රියවූ දේශයක් වන රාශි ගණන් ජාතීන් අතරෙන් ඉතා අලංකාර උරුමය නුඹට දෙන්නේ කොහොමදැයි කීවෙමි. එවිට–මාගේ පියාණෙනියි නුඹ මට කියා, මා වෙතින් අහක් නොවී සිටින්ට ඕනෑයයි කීවෙමි.


කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමාවේ හැටියටය–යෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේය.


මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.


මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.


යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටි කල ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුඹ මහලුව වයෝවෘද්ධව සිටින්නෙහිය, හිමිකරගැනීමට දේශයෙන් විශාල කොටසක් තවම ඉතුරුව තිබේ.


මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්