Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 34:11 - Sinhala Revised Old Version

11 සීමාවද ෂෙඵාම් පටන් අයින්ට නැගෙනහිරෙන් රිබ්ලාට බැස, කින්නෙරෙත් මුහුදේ නැගෙනහිර අද්දරින්ම බැස ඇවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 34:11
16 හුවමාරු යොමු  

එවිට ඔහු යෙරුසලමෙහි රජකම් නොකරන පිණිස ඵාරාවෝ-නෙකො හමාත් දේශයේ රිබ්ලාහිදී ඔහු හිර අඩස්සිකොට, රිදී තලෙන්ත සියයකුත් රන් තලෙන්තයකුත් දේශයට දඩගැසුවේය.


කින්නෙරෙත් පටන් පිස්ගායේ පාවුළට පහළින් තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වා නැගෙනහිරට පිහිටි අරබා සමභූමියත් යොර්දානත් ඒ පළාතත් රූබෙන්වරුන්ට සහ ගාද්වරුන්ට දුනිමි.


උතුරු දිශාවේ කඳු රටේ සහ කින්නෙරොත්ට දකුණෙන් තිබෙන අරබා සමභූමියෙහිත් පාත රටෙත් බස්නාහිරෙන් තිබෙන දෝර් කඳුකරයෙහිත් සිටිය රජවරුන්ටද,


තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය.


පවුරු ඇති නුවරවල් නම්: ශිද්දීම්ද ශේර්ද හම්මත්ද රක්කත්ද කින්නෙරෙත්ද,


ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක.


ඔව්හු එගොඩවී, ගෙන්නෙසරෙත් නම් රටට පැමිණියෝය.


එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් ඉදිරියෙහි මැරීය; යූදාහි සියලු අධිපතීන්ද රිබ්ලාහිදී මැරුවේය.


ඔව්හු රජු අල්ලා බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙන ගියෝය; එවිට ඔව්හු ඔහු ගැන තීන්දුව දුන්නෝය.


හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.


නුඹලාගේ නැගෙනහිර සීමාව හශර්-ඒනානෙන් ෂෙඵාම් දක්වා ලකුණුකරන්න.


එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක නුඹලාගේ දේශය වන්නේයයි කීසේක.


එකල ඔව්හු රජු අල්වා හමාත් දේශයේ රිබ්ලාට, බබිලෝනියේ රජු ළඟට, ගෙනගියෝය; හෙතෙම ඔහු ගැන නඩු තීන්දුව දුන්නේය.


නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්