Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:56 - Sinhala Revised Old Version

56 තවද මම ඔවුන්ට කරන්ට සිතූ ලෙස නුඹලාට කරන්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

56 ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

56 ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:56
10 හුවමාරු යොමු  

තවද නුඹලාට යහපත කරන්ටත් නුඹලා වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, නුඹලා විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; නුඹ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද නුඹලා උදුරාදමනු ලබන්නහුය.


ස්වාමීන්වහන්සේ උදහසෙන්ද කෝපයෙන්ද මහත් අමනාපයෙන්ද ඔවුන් ස්වකීය භූමිය මතුපිටින් අහක්කර, අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන් අන් දේශයකට හෙළාදැමූසේකැයි කියන්නෝය.


නුඹලා ඉදිරියෙන් මා විසින් පහකරනු ලබන සෙනඟගේ සිරිත් ප්‍රකාරයට නොහැසිරෙන්න. මක්නිසාද ඔවුන් මේ සියලු දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල්කෙළෙමි.


එසේ නුඹලාත් දේශය අපවිත්‍රකළොත් දේශය නුඹලාට පළමුවෙන් සිටිය ජාතීන් වමාරාදැමුවාක්මෙන් නුඹලාත් වමාරා දමනවා ඇත.


එහෙත් නුඹලා දේශයේ වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, නුඹලා විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය නුඹලාගේ ඇස්වලට උල්ද නුඹලාගේ ඇලපත්වලට කටුද වී, නුඹලා වසන දේශයෙහි නුඹලාට සතුරුකම් කරනවා ඇත.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්