Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:55 - Sinhala Revised Old Version

55 එහෙත් නුඹලා දේශයේ වැසියන් නුඹලා ඉදිරියෙන් පන්නා නොදැමුවොත්, නුඹලා විසින් ඔවුන්ගෙන් ඉතුරුකරන අය නුඹලාගේ ඇස්වලට උල්ද නුඹලාගේ ඇලපත්වලට කටුද වී, නුඹලා වසන දේශයෙහි නුඹලාට සතුරුකම් කරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

55 නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

55 නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:55
11 හුවමාරු යොමු  

එබැවින්: මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ ඇලපත්වලට කටු මෙන් වන්නෝය, ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මළපතක්ව සිටින්නෝයයි කීමියි කීසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.


මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවාගන්නවා ඇත. එවිට ස්වාමීන්වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිළ උන්වහන්සේ වහාම නුඹ විනාශකරනවා ඇත.


මට විරුද්ධව පව්කරන්ට ඔවුන් නුඹ නොසලස්වන පිණිස ඔවුන් නුඹේ දේශයෙහි වාසයකරන්ට ඔවුන්ට ඉඩ නොදෙන්න. මක්නිසාද නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට මෙහෙකරන්නෙහිනම් සැබවින්ම ඒක නුඹට මලපතක් වන්නේයයි කීසේක.


එවිට ඉශ්‍රායෙල් වංශයට ඇනෙන කටුවක්වත් රිදවන උලක්වත් ඔවුන්ව සුළුකළාවූ ඔවුන් අවට සිටින සියල්ලන්ගෙන් තවත් නොපැමිණෙන්නේය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය.


තවද මම ඔවුන්ට කරන්ට සිතූ ලෙස නුඹලාට කරන්නෙමියි කීසේක.


මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්