Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:35 - Sinhala Revised Old Version

35 අබ්රොනාවෙන් පිටත්ව ගොස් එශියොන්-ගෙබෙර්හි කූඩාරම් ගසාගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 එතැනින් නික්ම එශිමෙයාන්-ගෙබෙර්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 එතැනින් නික්ම එශිමෙයාන්-ගෙබෙර්හි ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:35
7 හුවමාරු යොමු  

මෙසේ අප සේයිර්හි සිටින ඒසව්ගේ පුත්‍රයන් වන අපේ සහෝදරයන් ළඟින් ඒලත් කෙරෙන්ද එශියොන්-ගෙබෙර් කෙරෙන්ද අරබා සමභූමි මාර්ගයෙන් ගියෙමුව. අපි හැරී මෝවබ් කාන්තාර මාර්ගයෙන් ගියෙමු.


යෙහෝෂාපාට් රත්රන් ගෙනෙන පිණිස ඕපීර්ට යන්ට තර්ෂීෂ් නැව් සෑදුවේය. නුමුත් ඒවා ගියේ නැත; කුමක්හෙයින්ද ඒ නැව් එශියොන්-ගෙබෙර්හිදී බිඳුණේය.


සාලමොන් රජ ඒදොම් දේශයෙහි රතු මුහුද අද්දර ඒලෝත් ළඟ පිහිටි එශීයොන්ගෙබෙර්හි නැව් සෑදෙවුවේය.


ඔහු තර්ෂිෂ්ට යාමට නැව් සාදන පිණිස ඔහුට එකතුවිය. ඔව්හු එශියොන්-ගෙබෙර්හි නැව් සෑදුවෝය.


දැන් අමලෙක්වරුන්ද කානානිවරුන්ද මිටියාවතෙහි වාසයකරන බැවින් හෙට නුඹලා හැරී රතු මුහුදට යන මාර්ගයෙන් කාන්තාරයට පිටත්ව යන්නැයි කීසේක.


යොට්බාතාවෙන් පිටත්ව ගොස් අබ්රොනාහි කූඩාරම් ගසාගත්තෝය.


එශියොන්-ගෙබෙර් කෙරෙන් පිටත්ව ගොස් සීන් කාන්තාරයෙහි එනම් කාදෙෂ්හි කූඩාරම් ගසාගත්තෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්