Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:2 - Sinhala Revised Old Version

2 මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔවුන්ගේ ගමන්වල හැටියට ඔවුන්ගේ නික්මීම් ලියුවේය. ඔවුන්ගේ නික්මීම් ප්‍රකාර ඔවුන්ගේ ගමන් මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:2
8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මට කථාකොට: නැගිට සෙනඟට පෙරටුව ගමන්කරන්න; ඔවුන්ට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔව්හු ඇතුල්ව එය හිමිකරගනිත්වයි කීසේක.


හොරේබ් සිට කාදෙෂ්-බර්නේයට සෙයිර් කඳුකර මාර්ගයෙන් එකොළොස් දවසක ගමන් දුරය.


එවිට ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණ කෙරෙවු ලෙස පළමු වරට ගමන්කළෝය.


දෙවෙනි වර මහත් හඬකින් පිම්බ කල දකුණු පැත්තෙහි කූඩාරම් ගසාගන සිටින සේනාවෝ පිටත්වෙත්වා. එසේ ඔවුන්ගේ ගමන් පිණිස මහත් හඬකින් පිඹින්නෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකාදමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියාදෙවයි කීසේක.


මෝසෙස් සහ ආරොන් යටතේ තමුන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් මේය.


ඔව්හු පළමුවෙනි මස පසළොස් වෙනි දින රාමෙසෙස්හි සිට පිටත්වුණෝය; එසේ ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාස්කුවට පසුවදා සියලු මිසරවරුන්ගේ ඇස් ඉදිරියෙහි එසෙවුවාවූ අතක් කරණකොටගෙන පිටතට ආවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්