Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 33:1 - Sinhala Revised Old Version

1 මෝසෙස් සහ ආරොන් යටතේ තමුන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් ආවාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 33:1
11 හුවමාරු යොමු  

මම නුඹ මිසර දේශයෙන් ගෙනායෙමි, වහල්කමේ ගෙයින් නුඹ මුදා, නුඹට පෙරටුවෙන් මෝසෙස්ද ආරොන්ද මිරියාම්ද ඇරියෙමි.


ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.


යාකොබ් මිසරයට පැමිණියාට පසු නුඹලාගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා නුඹලාගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.


මම මෝසෙස් සහ ආරොන් යවා මා විසින් මිසරය මධ්‍යයෙහි කළ ප්‍රකාරයටම ඊට පීඩාකෙළෙමි. පසුව නුඹලා පිටතට ගෙනායෙමි.


එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය.


ඒ දවසේම ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන්ගේ සේනාවල ප්‍රකාරයට මිසර දේශයෙන් පිටතට ගෙනාසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ රාමෙසෙස්හි සිට සුකොත්ට ගමන්කළෝය, බාලයන් හැර පයින් ගියාවූ පුරුෂයෝ සලක්ෂයක් පමණ වූවෝය.


මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට ඔවුන්ගේ ගමන්වල හැටියට ඔවුන්ගේ නික්මීම් ලියුවේය. ඔවුන්ගේ නික්මීම් ප්‍රකාර ඔවුන්ගේ ගමන් මේවාය.


උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය.


තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්