Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:3 - Sinhala Revised Old Version

3 මෝසෙස් සෙනඟට කථාකොට: මිදියන්වරුන්ට විරුද්ධව ගොස් ස්වාමීන්වහන්සේ උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්නා පිණිස නුඹලා අතරෙන් මිනිසුන් යුද්ධයට සන්නද්ධකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එවිට මෝසෙස් සෙනඟට කතා කොට, “ඔබගෙන් සමහරෙකු යුද්ධයට සැරසී, මිදියන්වරුන්ට විරුද්ධ ව ගොස්, ඔවුන් සමිඳාණන් වහන්සේට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට මෝසෙස් සෙනඟට කතා කොට, “ඔබගෙන් සමහරෙකු යුද්ධයට සැරසී, මිදියන්වරුන්ට විරුද්ධ ව ගොස්, ඔවුන් සමිඳාණන් වහන්සේට කළ දේ නිසා ඔවුන්ට දඬුවම් දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:3
12 හුවමාරු යොමු  

මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය.


නුමුත් ඒ දවස ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක්ය, උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්න පළිගැනීමේ දවසක්ය. කඩුව වනාහි නාස්තිකර තෘප්තියට පැමිණෙන්නේය, ඔවුන්ගේ ලේවලින් මත්වන්නේය. මක්නිසාද උතුරු දේශයේ ප්‍රාත් ගංගාව ළඟ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට යාගයක් ඇත්තේය.


ස්වාමීන්වහන්සේ යේහුට කථාකොට: නුඹ මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කිරීමෙන් යුතුලෙස ක්‍රියාකොට, මාගේ සිතේ තිබුණ සියල්ල ප්‍රකාර ආහබ්ගේ වංශයට කළ බැවින්, නුඹේ පුත්‍රයෝ සතරවෙනි පරම්පරාව දක්වා ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳගන්නෝයයි කීසේක.


මාගේ මෙහෙකරුවන් වූ ප්‍රොපේතවරුන්ගේ ලේද ස්වාමීන්වහන්සේගේ සියලු මෙහෙකරුවන්ගේ ලේද ගැන මා විසින් යෙසෙබෙල්ගෙන් පළිගන්නා පිණිස නුඹේ ස්වාමිවූ ආහබ්ගේ වංශයට පහර දෙන්න.


ස්වාමීන්වහන්සේගේ උදව්වටද බලවතුන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේගේ උදව්වටද නා බැවින් මෙරෝස්ට ශාපකරව්, එහි වැසියන්ට තදලෙස ශාපකරව්යයි ස්වාමීන්වහන්සේගේ දූතයා කීය.


අධිපතීන් ඉශ්‍රායෙල්හි මූලිකව ගිය බැවින්ද, සෙනඟ කැමැත්තෙන්ම ඉදිරියට ආ බැවින්ද, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්න.


ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.


පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස් මා විසින් මාගේ ජවලිතයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජවලිතයෙන් ජවලිතව සිටීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය.


ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේට පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්ට විරුද්ධව යුද්ධ ඇතිවන්නේය කියා ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි කීවේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පළිගැනීමද උන්වහන්සේගේ මාළිගාව ගැන පළිගැනීමද සියොන්හි දන්වන්ට බබිලොන් දේශයෙන් ගැළවී පලාඑන්නන්ගේ හඬක් ඇසෙන්නේය.


සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධයට යවන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්