Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:29 - Sinhala Revised Old Version

29 ඔවුන්ගේ කොටසෙන් එය ගෙන ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් පිණිස පූජකවූ එලෙයාසර්ට දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:29
7 හුවමාරු යොමු  

නුඹේ දේශය මතුපිට නුඹ ජීවත්වෙන සියලුම දවස්වල ලෙවීයයා අත්නොහරින්ට බලාගන්න.


නුඹලාද නුඹලාගේ පුත්‍රයෝද දූවරුද වැඩකාරයෝද වැඩකාරියෝද නුඹලාගේ දොරටු ඇතුළත සිටින්නාවූ, නුඹලා සමඟ කොටසක්වත් උරුමයක්වත් නොලැබුවාවූ ලෙවීයයාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කියන්න–නුඹලාගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස නුඹලා ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න.


පත්කිරීමේ බැටළුවාගෙන් එනම් ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් ලැබිය යුතුවූ කොටසෙන් තේවකරනලද මැනීමේ පූජාවෙන් ළැපැත්තද තේවකරනලද එසවීමේ පූජාවෙන් කළවයද විශුද්ධකරන්න.


සටනට ගිය යුද්ධකාරයන්ගෙන් ස්වාමීන්වහන්සේට ආදායමක් කොට මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද පන්සියයකින් එකෙකු බැගින් අයකරන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක.


මෙලෙස නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ලබන නුඹලාගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් නුඹලාත් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකර ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්