Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:7 - Sinhala Revised Old Version

7 ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඉදිරියෙහි ඔහුට සහ මුළු සභාවටත් සේවය කරමින් මණ්ඩපයේ වැඩ කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:7
13 හුවමාරු යොමු  

එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය කෙරෙහිද එහි සියලුම භාණ්ඩ කෙරෙහිද ඊට අඩංගු සියල්ල කෙරෙහිද පත්කරන්න. ඔව්හු මණ්ඩපයද එහි සියලු භාණ්ඩද උස්සා ගෙන යන්නෝය; ඔව්හු එහි මෙහෙය කරමින් මණ්ඩපය හාත්පස කූඩාරම් ගසාගෙන සිටින්නෝය.


ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න.


ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය.


මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ දාවිත් රජු විසින්ද සහස්‍රාධිපතීන්ව ශතාධිපතීන්ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින්ද සේනාවේ අධිපතීන් විසින්ද කැපකරනලද්දාවූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.


යෙහියෙලී සහ යෙහියෙලීගේ පුත්‍රයෝවූ සේතාම් සහ ඔහුගේ සහෝදරවූ යෝවෙල්ය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩා කෙරෙහි පත්ව සිටියෝය.


අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා සහ කැපකරපු දේවල ගබඩා කෙරෙහි පත්ව සිටියේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොටසෙන් මිනිසුන්ගෙන්ද ගවයන්ගෙන්ද කොටළුවන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද සියලු ආකාර මෘගයන්ගෙන්ද පනසකින් එකෙකු බැගින් වෙන්කොට රැගෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය භාරකාරවූ ලෙවීවරුන්ට දෙන්නැයි කීසේක.


පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් ලෙවීවරුන්ගේ අධිපතීන්ගේ අධිපතියාව ශුද්ධස්ථානයේ සේවය භාරගන්නන්ගේ මුලාදෑනියා වන්නේය.


නුඹලා නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.


ඔව්හු සම්මුඛවීමේ කූඩාරමේ සියලු බඩු රක්ෂාකොට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සේවය ඉෂ්ටකරමින් මණ්ඩපයේ වැඩය කරත්වා.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාව කෙරෙහි උදහස නොපැමිණෙන පිණිස ලෙවීවරු සාක්ෂි මණ්ඩපය වටකරින් කූඩාරම් ගසා ගන්නෝය. ලෙවීවරුන්ම සාක්ෂි මණ්ඩපයේ සේවය භාරගත යුතුයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්