Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:51 - Sinhala Revised Old Version

51 ඒ මුදනු ලැබූවන්ගේ මුදල ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:51
11 හුවමාරු යොමු  

මුදනු ලබන්ට සිටින්නන්ගේ වැඩිපුර ගණනින් ලත් මුදල ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දෙන්නැයි කීසේක.


නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,


අන්‍යයෝ නුඹලා කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.


කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි.


මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.


මෝසෙස් ඉතා උදහස්ව ස්වාමීන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය.


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන්ගෙන් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ගණනට ෂෙකෙල් එක්දාස් තුන්සිය හැටපහක් මුදල ගෙන,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට:


සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණකළ ලෙසම කළෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්