Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:4 - Sinhala Revised Old Version

4 එහෙත් නාදාබ් සහ අබීහු සීනයි කාන්තාරයේදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය, ඔවුන්ට දරුවෝ නොසිටියෝය. එලෙයාසර් සහ ඊතාමාර් තමුන්ගේ පියවූ ආරොන් ඉදිරියෙහි පූජක තනතුරේ සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:4
7 හුවමාරු යොමු  

නාදාබ් සහ අබීහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි නැසුණෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


නුඹලා ඌ පූජකවූ එලෙයාසර්ට දෙන්න, ඔහු ඌ කඳවුරෙන් පිටතට ගෙනයේවා, ඌ ඔහු ඉදිරියෙහි යම් කෙනෙකු විසින් මරනු ලැබේවා.


ආරොන් සහ ඔහුගේ පුත්‍රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්,


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.


ආරොන් පුත්‍රයන්ගේ පංක්ති මේය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබීහු, එලෙයාසර් සහ ඊතාමාර්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්