Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 3:36 - Sinhala Revised Old Version

36 මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:36
14 හුවමාරු යොමු  

ඒක රනින් වැසුවාවූ රන් කොකු ඇත්තාවූ රිදී අඩි සතරක් පිට පිහිටුවා තිබෙන්නාවූ ෂිටිම් ලී කුළුනු සතරක් පිට එල්ලන්න.


කඩතුරාවට ෂිටිම් ලීවලින් කණු පහක් සාදා ඒවා රනින් වසන්න; ඒවායේ කොකුද රනින් විය යුතුය. ඒවාට පිත්තල අඩි පහක්ද වාත්තුකරන්න.


එනම් මණ්ඩපයද ඒකේ කූඩාරමද ඒකේ වැස්මද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කණුද ඒකේ අඩිද;


මණ්ඩපයේ ඇණද මළුවේ ඇණද ඒවායේ ලනුද;


ඔහු ඒකට ෂිටිම් ලීවලින් කුළුනු සතරක් සාදා ඒවා රනින් වැසුවේය. ඒවායේ කොකු රනින් සාදා ඒවාට රිදී අඩි සතරකුත් වාත්තුකෙළේය.


ඔව්හු මණ්ඩපය එනම් කූඩාරම සහ ඒකේ සියලු බඩුද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනු සහ අඩිද;


මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.


වටකරින් මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද බලාගැනීමය.


පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර් යටතේ සිටි මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ සේවයේ හැටියට ගැල් සතරක්ද ගවයන් අටදෙනෙක්ද දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්