Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:20 - Sinhala Revised Old Version

20 පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මුෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:20
15 හුවමාරු යොමු  

මෙරාරීගේ පුත්‍රයෝ: මහ්ලි සහ මුෂීය. තමන්ගේ පරම්පරා ලෙස ලෙවීගේ පෙළපත් මේය.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මූෂීය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේය:


යෙදූතුන්ගේ පුත්‍රයෝ වූ ගෙදලියාද ශෙරීද යෙෂායාද හෂබියාද මත්තිතියාද යන හදෙනාය. මොව්හු ස්වාමීන්වහන්සේට ස්තුති ප්‍රශංසාකිරීමට මහ වීණාවෙන් ගායනාකළ තමුන්ගේ පියවූ යෙදූතුන් යටතේ සිටියෝය.


මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ අසායා සහ ඔහුගේ සහෝදරයන් දෙසිය විසිදෙනෙක්ය.


මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලීය, ඔහුගේ පුත්‍රයා ලිබ්නිය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය, ඔහුගේ පුත්‍රයා උස්සාය;


මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය.


පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝනම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


ගේර්ෂොන්ට ලිබ්නි පවුලද ෂිමෙයි පවුලද අයිතිය. ගේර්ෂොන්වරුන්ගේ පවුල් නම් මේවාය.


එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;


තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.


එනම් තමුන්ගේ පියවංශවල හැටියට ලියවුණාවූ, අවුරුදු විස්සේ පටන් ඉන් ඉහළට වයස් ඇත්තාවූ, තමුන්ගේ පංක්තිවල තමුන්ගේ තනතුරුවල සිටියාවූ පූජකයන්ද ලෙවීවරුන්ද,


ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙයි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්