Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:19 - Sinhala Revised Old Version

19 පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝනම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 පවුල් වශයෙන් කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:19
18 හුවමාරු යොමු  

කොහාත්ගේ පුත්‍රයෝ: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය. කොහාත්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්තුනක් විය.


කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උස්සීයෙල්ය.


හේමාන්ගේ පුත්‍රයෝවූ බුක්කියා, මත්තනියා, උස්සීයෙල්, ෂෙබූයෙල්, යෙරීමොත් හනනියා, හනානි, එලියාතා, ගිද්දල්තී, රොමම්තී-එසෙර්, යොෂ්බෙකාෂා, මල්ලෝතී, හෝතීර් සහ මහසියොත්ය.


එසේ රැස්කළේ කොහාත්ගේ පුත්‍රයන්ගේ ප්‍රධානියාවූ උරියෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය විසිදෙනෙක්ය.


ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයාය, ඔහු කොහාත්ගේ පුත්‍රයාය, ඔහු ලෙවීගේ පුත්‍රයාය, ඔහු ඉශ්‍රායෙල්ගේ පුත්‍රයාය.


අම්රාම් පවුලද ඉශ්හාර් පවුලද හෙබ්‍රොන් පවුලද උස්සීයෙල් පවුලද කොහාත්ගෙන් වූවෝය. කොහාත්වරුන්ගේ පවුල් මේවාය.


අම්රාම් තමාගේ පියාගේ සහෝදරීවූ යොඛෙබෙද් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා ආරොන් සහ මෝසෙස් බිහිකළාය. අම්රාම්ගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.


පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයන්ගේ නාම නම් ලිබ්නි සහ ෂිමෙයිය.


පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මුෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.


එවිට කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් අමසයිගේ පුත්‍රවූ මාහත්ද අසරියාගේ පුත්‍රවූ යෝවෙල්ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් අබ්දීගේ පුත්‍රවූ කීෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුත්‍රවූ අසරියාද; ගේර්ෂොන්වරුන්ගෙන් සිම්මාගේ පුත්‍රවූ යෝවාද යෝවාගේ පුත්‍රවූ ඒදෙන්ද;


තමන්ගේ පරම්පරා වශයෙන් ලෙවී පුත්‍රයන්ගේ නාම මෙසේය: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය. ලෙවීගේ ජීවිතයේ අවුරුදු එකසිය තිස්හතක් විය.


ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙයි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්