Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 29:1 - Sinhala Revised Old Version

1 සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 29:1
21 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති.


ඔව්හු හත්වෙනි මාසයේ පළමුවෙනිදා පටන් ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පුකරන්ට පටන්ගත්තෝය. නුමුත් ස්වාමීන්වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම ඒ වනතෙක් නොදමනලද්දේය.


මෙසේ සියලු ඉශ්‍රායෙල්වරු ඔල්වර හඬත් හොරණෑ-ශබ්දයත් ඇතුව, නළාවලිනුත් අත්තල්වලිනුත් වීණාවලිනුත් මහ වීණාවලිනුත් ශබ්ද පවත්වමින්, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


අමාවක දවසේදීද පුරා හඳ දවසේදීද අපේ මහා මංගල්‍ය දවසේදීද හොරණෑව පිඹිව්.


මෙසේ පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගායනාකාරයෝද සෙනඟගෙන් සමහරුද නෙතිනීම්වරුද සියලු ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ නුවරවල විසුවෝය.


නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.


තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද නුඹ විසින් පැවැත්විය යුතුය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලා ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.


ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද,


සත්වෙනි මස පසළොස්වෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න, සත් දවසක් ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න.


පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.


අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.


පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්