Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:6 - Sinhala Revised Old Version

6 එය ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස සීනයි කන්දේදී නියමකළාවූ නිරන්තර දවන පූජාවක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:6
15 හුවමාරු යොමු  

එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා යාගද ආහාර පූජාද කාන්තාරයේදී සතළිස් අවුරුද්දක් මට ඔප්පු කළහුද?


ඌ සමඟ උදයෙන් උදය ආහාර පූජාවක් වන ඒඵාවකින් හයෙන් කොටසක්ද සිහින් පිටි තෙමන්ට තෙල් හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළකරන්න; ඒක නිරන්තරවූ සදාකාල නියෝගයක්ය.


නුඹේ පූජා ගැන නුඹට තරවටු නොකරන්නෙමි; නුඹේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.


ලියා තිබෙන ලෙස කූඩාරම් මංගල්‍යය පවත්වමින් එක එක දවසේ නියමයේ හැටියට ගණන වශයෙන් දවස්පතා දවන පූජා ඔප්පුකළෝය.


තවද ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන පරිද්දෙන් දවන පූජා සඳහා එනම් උදේ සවස දවන පූජාද සබත් දවස්, අමාවක් සහ නියම මංගල්‍ය සම්බන්ධ දවන පූජාද සඳහා ඔහු ස්වකීය සම්පතින් රාජ කොටස නියමකෙළේය.


මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට අණකරමින් මෙසේ කියන්න: දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය–දවන පූජාව මුළු රාත්‍රියෙහි උදය දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය; පූජාසනයේ ගින්නද එහි දැල්වෙමින් තිබිය යුතුය.


උන්වහන්සේ සීනයි කන්ද පිටදී මෝසෙස් සමඟ කථාකර කෙළවරවූ කල දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලිවූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක.


මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.


එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.


ආහාර පූජාවකට කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකළ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ඔප්පුකරන්න.


ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න.


එසේ නිරන්තර දවන පූජාවක් කොට බැටළුපැටවාද ආහාර පූජාවද තෙල්ද උදයෙන් උදය පිළියෙළකළ යුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් සඳහා ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට දුන් ආඥා මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්