Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:30 - Sinhala Revised Old Version

30 නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:30
11 හුවමාරු යොමු  

නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවකට එක එළුවෙකුත් පූජාකරන්න.


නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.


මක්නිසාද දෙවියන්වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨවූ ක්‍රිස්තුස්වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වධවින්දසේක; උන්වහන්සේ මාංසය සම්බන්ධයෙන් මරනු ලැබ, ආත්මය සම්බන්ධයෙන් ජීවත්කරනු ලැබූසේක.


අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.


ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


එය සභාවේ දැනගැන්ම නැතුව වැරදිල්ලකින් කරන ලද්දේනම්, මුළු සභාව ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස, දවන පූජාවක් පිණිස, එක තරුණ ගොනෙක්ද නියමයේ හැටියට උගේ ආහාර පූජාවද පාන පූජාවද පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරාවා.


ඔව්හු යෝසෙප්ගේ සළුව ගෙන, එළුවෙකු මරා සළුව ලෙයෙහි ගල්වා,


තවද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ශාන්ති පූජාවක් පිණිස එක් අවුරුදු බැටළුපැටවුන් දෙන්නෙක්ද ඔප්පුකළ යුතුය.


බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද,


නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්