Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:26 - Sinhala Revised Old Version

26 තවද නුඹලාගේ සති මංගල්‍යයේදී නුඹලා ස්වාමීන්වහන්සේට අලුත් ආහාර පූජාවක් ඔප්පුකරන ප්‍රථම ඵල දවසේදීත් ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 “සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 “සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:26
13 හුවමාරු යොමු  

තිරිඟු කපන කාලයේ ප්‍රථම ඵල ඔප්පුකිරීමේ සති මංගල්‍යයද අවුරුද්දේ කෙළවරදී රැස්කිරීමේ මංගල්‍යයද නුඹ විසින් පැවැත්විය යුතුය.


නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න.


නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.


අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපදවූසේක.


පළමුවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් වන්නේය; කිසි බර වැඩක් නොකරන්න.


එහෙත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස දවන පූජාවකට තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,


සත්වෙනි මාසයේ පළමුවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වන්න; කිසි බර වැඩක් නොකරන්න. ඒක නුඹලාට හොරණෑ පිඹීමේ දවසක්ය.


පළමුවෙනි දවසේ නුඹලාට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.


එහෙත් ගින්නෙන් කරන පූජාවක් සත් දවසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුය. සත්වෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය; කිසිම බර වැඩක් නොකළ යුතුයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්