Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 26:57 - Sinhala Revised Old Version

57 තමුන්ගේ පවුල්වල හැටියට ලෙවීවරුන්ගෙන් ගණන්කරන ලද්දෝ මොව්හුය: ගේර්ෂොන්ගෙන් පැවත ආ ගේර්ෂොන් පවුලය. කොහාත්ගෙන් පැවත ආ කොහාත් පවුලය. මෙරාරීගෙන් පැවත ආ මෙරාරී පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

57 ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

57 ලියාපදිංචි කළ ලෙවීවරුන්ගේ ගණනට ඇතුළත් වූ අය නම්, ගේර්ෂොන්ගෙන් පැවතෙන ගේර්ෂොන් පවුල ය; කොහාත්ගෙන් පැවතෙන කොහාත් පවුල ය; මෙරාරීගෙන් පැවතෙන මෙරාරී පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:57
12 හුවමාරු යොමු  

ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


එහෙත් ලෙවීවරු තමුන්ගේ පිය ගෝත්‍රයේ හැටියට ඔවුන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.


එහෙත් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ලෙවීවරු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.


පස ඇට වැටීමේ හැටියටම වැඩි නුමුත් ස්වල්ප නුමුත් ඔවුන්ගේ උරුමය බෙදා දෙනු ලැබේවයි කීසේක.


ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර් පුතියෙල්ගේ දුවක් භාර්යාව කොට පාවාගත්තේය; ඈ ඔහු නිසා පීනෙහාස් බිහිකළාය. මොව්හු තමන්ගේ පවුල් ලෙස ලෙවීවරුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.


ලෙවීගේ පුත්‍රයන් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ වංශවල ප්‍රකාරයට ගණන්කරන්න. මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලු පිරිමින් නුඹ විසින් ගණන්කළ යුතුයයි කීසේක.


නාම වශයෙන් ලෙවීගේ පුත්‍රයෝනම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්