Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 25:18 - Sinhala Revised Old Version

18 ඔවුන්ට සතුරුකම්කොට පහරදෙන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මන්ද, පෙයෝර් සම්බන්ධ කාරණයේ දී ද, ඒ කරුණ නිසා වසංගත පැමිණි දින මරණ ලද මිදියන් ජාතික නායකයාගේ දුව හා ඔවුන්ගේ සොහොයුරිය වන කොස්බි සම්බන්ධ කාරණයේ දී ද, ඔවුන් තමන්ගේ කපටි මායම්වලින් නුඹලාට හිරිහැර කර ඇති හෙයිනැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මන්ද, පෙයෝර් සම්බන්ධ කාරණයේ දී ද, ඒ කරුණ නිසා වසංගත පැමිණි දින මරණ ලද මිදියන් ජාතික නායකයාගේ දුව හා ඔවුන්ගේ සොහොයුරිය වන කොස්බි සම්බන්ධ කාරණයේ දී ද, ඔවුන් තමන්ගේ කපටි මායම්වලින් නුඹලාට හිරිහැර කර ඇති හෙයිනැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 25:18
13 හුවමාරු යොමු  

එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ.


මක්නිසාද ඔව්හු නිෂ්ඵලකමේ මහත් ආඩම්බර වචන කථාකරමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවීයන්නන් මාංසයේ තෘෂ්ණාව වන සල්ලාලකමෙන් ඇදගනිති;


නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි.


ආරොන් සෑදූ වස්සා සෙනඟ විසින් සාදවාගත් බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන්ට පහරදුන්සේක.


මෝසෙස්ද ආරොන්ට කථාකොට: මේ සෙනඟ කෙරෙහි මහත්වූ පාපයක් පමුණුවන්ට ඔවුන් නුඹට කළේ කුමක්දැයි ඇසුවේය.


අබිමෙලෙක්: නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය.


මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.


මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් නුඹලාට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් නුඹලාට සතුරුකම් කරන බැවින්,


තවද වංසගතයට පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ටද පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ටද කථාකොට:


ඔව්හු මිදියන් දේශයේ සිට පිටත්ව පාරාන්ට පැමිණ පාරාන් දේශයෙන් මනුෂ්‍යයන් කැඳවාගන මිසරයේ රජවූ ඵාරාවෝ වෙතට මිසරයට ගියෝය; රජ්ජුරුවෝ ඔහුට ගෙයක්දී, ආහාර නියමකොට, ගම් බිම්ද දුන්නාහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්