Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 24:20 - Sinhala Revised Old Version

20 තවද ඔහු අමලෙක් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: අමලෙක් ජාතීන්ගෙන් පළමුවෙනි ජාතිය විය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වන්නේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 24:20
18 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මම අමලෙක්වරුන් ගැන සිහිවීම අහස යටින් සහමුලින් මකාදමන්නෙමැයි යන මෙය සිහිවීම පිණිස පොතක ලියා, යෝෂුවාට ඇසෙන්ට කියාදෙවයි කීසේක.


රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය.


මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය.


ගැළවී ඉතුරුව සිටි අමලෙක්වරුන්ට පහරදුන්නෝය, අද දක්වාත් ඔව්හු එහි වාසයකරති.


දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.


තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,


ඔහු වික්‍රමාන්විතව ක්‍රියාකරනුයේ, අමලෙක්වරුන්ට පහරදී, ඉශ්‍රායෙල් කොල්ලකන අයින්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේය.


ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,


ඔහු කථාකොට: ස්වාමීන්වහන්සේට පරම්පරාවෙන් පරම්පරාවට අමලෙක්ට විරුද්ධව යුද්ධ ඇතිවන්නේය කියා ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි කීවේය.


එකල අමලෙක්වරු අවුත් රෙඵිඩිම්හිදී ඉශ්‍රායෙල් සමඟ සටන්කළෝය.


තිම්නා ඒසව්ගේ පුත්‍රවූ එලිඵස්ගේ උපභාර්යාව වූවාය; ඈ එලිඵස් නිසා අමලෙක් බිහිකළාය. ඒසව්ගේ භාර්යාවවූ ආදාගේ පුත්‍රයෝ මොව්හුය.


ඔහුගේ භාජනවලින් වතුර ගලායන්නේය, ඔහුගේ බීජද බොහෝ ජල මතුයෙහි වන්නේය, ඔහුගේ රජ ආගග්ට වඩා උසස්වන්නේය, ඔහුගේ රාජ්‍යය උතුම් වන්නේය.


යාකොබ්ගෙන් කෙනෙක් රාජ්‍යය ලැබ නුවරින් ඉතුරුවෙන්නන් විනාශ කරන්නේයයි කීවේය.


එහෙත් කිත්තීම් දිසාවෙන් නැව් එන්නේය, ඔව්හු අෂූර් යටහත්කරන්නෝය, ඒබෙර්ද යටහත්කරන්නෝය, ඔහුද විනාශයට පැමිණෙන්නේයයි කීවේය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්